ඇප මත සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 6 දෙනෙකුට වරෙන්තු!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 07 , කොළඹ (LNW):

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකළ බවට වන චෝදනාවට අදාළව ඇප මත මුදා හැර සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 6 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත්කර ඇත.

අද (07) දින මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 50 දෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවේ කැදවූ අතර, එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කෙරුණි.

2019 ඔක්තෝම්බර් 24 වනදා කොළඹ දී සිදුකළ උද්ඝෝෂණයකට අදාළව කොටුව පොලිසියයි චෝදනා ගොනු කර තිබූ අතර, ඔක්තෝම්බර් 25 වනදා මෙම නඩුව යළි කැදවීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...