බස්නාහිර පළාත වැඩිම ඩෙංගු රෝගීන්ගේ වාර්තාව තබයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

පවතින අඛණ්ඩ වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජුනි මාසයේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 879 දෙනෙකු වාර්තා වී ඇති අතර, , එය පසුගිය මාසය හා සැසඳීමේදී ශීඝ්‍ර වර්ධනයක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2647 කි. වසරේ ගත වූ කාල සීමාව තුළ රෝගින් 25,799 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව, 9441 ක්.එම කාලසීමාව තුළ ඩෙංගු මරණ 9 ක් වාර්තා විය.

මේ අතර ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...