ජනාධිපති අපේක්‍ෂකයකු ඉන්නවා, හෙළිකරන්න හදිසියක් නෑ – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

මැතිවරණ ගැන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා එක කතාවක් ද එහි ලේකම්වරයා තවත් කතාවක් ද කියන බවත්, මැතිවරණ කල් දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට විරෝධය දක්වන බව කී නාමල් රාජපක්‍ෂ මහතා, ඉතිහාසයේ සිටම මැතිවරණ කල්දැමූ පක්‍ෂ සහ ආණ්ඩු විනාශ වූ බව ද සඳහන් කළ අතර, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැතිවරණය වසර දෙකක් කල් දැමීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුණ අතර මැතිවරණ කල්දැමූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂය එක ආසනයකට වැටුණු බවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්‍ෂකයකු සිටිය ද මේ මොහොතේ අපේක්‍ෂකයා හෙළි නොකරන බවත්, වේලාව පැමිණි පසු අපේක්‍ෂකයා ප්‍රකාශ කරන බවත් රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

නාමල් රාජපක්‍ෂ මහතා කොළඹදී විශේෂ රැස්වීමකට සහභාගිවීමෙන් පසුව මෙසේ මාධ්‍යයට අදහස් දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...