IMF දුන්නත් දෙන්නේ ණය. ණය ගැන කොහොමද සතුටු වෙන්නේ?

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය වන හෙයින් ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැදගත් වන්නේ එම ණය යොදාගෙන දේශීය වශයෙන් ආදායම් උත්පාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බව හෙතෙම කියාසිටියේය.

”IMF ණය ගැන නම් සතුටු වෙන්න පුළුවන් කමක් නම් නැහැ.ඒත් ණය. මේ ණය අපි අරන් දැන් බලන්න ඕනේ මේ ණය යොදාගෙන කොහොමද දේශීය වශයෙන් ආදායම උත්පාදනය කරන්නේ කියන එකට ලෑස්ති වෙන්න ඕනේ. අන්න ඒ විදිහට කරගන්න පුළුවන් නම් නැගිටින්න පුළුවන් කමක් ලැබෙයි. ඒකට රජය හැටියට ප්‍රතිපත්තිමය වශයෙන් කල්පනා කරන්න වෙනවා කොහොමද සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්නේ.කොහොමද අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නේ. ඒවගේම නව රැකියා ගැන බලන්න වෙනවා. කෘෂිකර්මාන්තය ගැන අවධානයක් යොමුකරන්න වෙනවා. මේ කරණා ටිකට හරියට උත්තර දෙන්න පුළුවන් වුණොත් රටක් විදිහට අපිට නැගිටින්න පුළුවන් වෙයි කියල විශ්වාසයි.”

මේ අතර රට මේ වන විට යම් ස්ථාවරයකට පැමිණ තිබෙන බවත් එය පවත්වාගෙන යාමේ අභියෝගය රජයට තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම කිසිලෙසකින්වත් මැතිවරණ කල්දැමීමට එකඟ නැති අතර දිනුවත් පැරදුණත් නිසි වේලාවට මැතිවරණ පැවැත්විය යුතු බවද ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය එය බවද අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...