රනිල්ගේ පරාජය නවත්වාගන්න සමඟියේ මන්ත්‍රීවරු බිලී බාගන්න හදනවා – SJB නලින්

Date:

කොළඹ LNW: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියත පරාජය වළක්වා ගැනීම සඳහා සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු බිලී බා ගැනීමේ උත්සහයක් නිරතවෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරුන් බිලී බ ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට කතා අකර ඇති බවට තොරතුරුද පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.

”අපි දන්නවා පහුගිය කාලේ බාර් පර්මිට් ගැන කතා වුණා. ඒ වගේම මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට ප්‍රතිපාදන දීල මන්ත්‍රීවරු සතුටු කරන්න ජනාධිපතිවරයා කටයුතු කළා. මේ හැම දෙයක්ම එතුමා කරන්න උත්සහ කරන්නේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් එකතු කරගන්න. එතුමා එතුමාගේ අන්තිම උත්සහය යොදමින් ඉන්නවා අර VHF එකෙන් විශාල කෝටි ගණනක මුදල් වංචාවක් සිදුවුණා. මේ එකතු කරගත්ත සල්ලිවලින් මන්ත්‍රීවරු මුදලට බිලී බා ගැනීමට කටයුතු කරනවා කියන ආරංචිය අපට තියෙනවා. මන්ත්‍රීවරුන්ට කතා කරලා තියෙනවා කියල තොරතුරුත් තියෙනවා. මේ දරමින් ඉන්නේ බොහොම පහත් උත්සහයක්. මොකද තමන්ට දිනන්න බැහැ කියන එකත් එක්ක ජනාධිපතිවරයට බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තියෙන්නේ. එතුමා අපටත් කලින් මාසෙන් මාසෙට සමීක්ෂණ පවත්වල එතුමා දැන් ප්‍රතිඵලය දන්නවා. ප්‍රතිඵලය තමයි නියත පරාජය. මන්ත්‍රීවරු බිලී බා ගත්ත කියල ඒක නවත්වන්න බැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...