McDonald’s හි පැවති කෘත්‍රිම බුද්ධියෙන් ඇනවුම් කිරීමේ තාක්ෂණය ඉවතට!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 19, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ :
McDonald’s විසින් කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන ඇනවුම් කිරීමේ තාක්‍ෂණය එක්සත් ජනපදයේ එහි Drive-through අවන්හල් වලින් ඉවත් කරයි.

පාරිභෝගිකයින් එමඟින් ඔවුනට සිදු වූ හාස්‍යජනක අවාසනාවන්ත අත්දැකීම් අන්තර්ජාලය හරහා බෙදාගත් පසු ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

IBM විසින් සංවර්ධනය කරන ලද සහ ඇණවුම් සැකසීමට හඬ හඳුනාගැනීමේ මෘදුකාංග භාවිතා කරන මෙම පද්ධතියේ අත්හදා බැලීමක් පිළිබඳ 2019 දී නිවේදනය කරන ලදී.

කෙසේ වෙතත්, එය සම්පූර්ණයෙන්ම විශ්වාසදායක බව ඔප්පු වී නොතිබුණ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විකාර ආකාරයේ ඇනවුම් සහිත වීඩියෝවක් සමාජ ජාලා කලඹන්නට විය.

එම හේතූන් මත McDonald’s පවසා සිටියේ එය ජුලි මස අග වන විට එම තාක්ෂණය පරීක්ෂා කරමින් සිටි අවන්හල් 100 කට වඩා වැඩි ප්‍රමාණයකින් එය ඉවත් කරන බවට යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...