දකුණු ඉතාලියේ නැව් දෙකක් අනතුරට ලක් වීමෙන් 11 දෙනෙකු මරුට; 60 දෙනෙකු අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 18,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉතාලියේ වෙරළට ඔබ්බෙන් නැව් දෙකක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව ජර්මානු පුණ්‍යායතනයක් වන RESQSHIP සඳහන් කර තිබේ.

RESQSHIP විසින් ලැම්පෙඩුසා දූපත අසල ගිලෙමින් තිබූ ලී බෝට්ටුවකින් පුද්ගලයින් 51 දෙනෙකු බේරාගෙන තිබු අතර එදිනම සිරියාව, ඊජිප්තුව, පකිස්ථානය සහ බංග්ලාදේශයේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ද අනතුරකට ලක්ව පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන්ගෙන් 26 දෙනෙකු ළමයින් යැයි විශ්වාස කෙරේ.

දිවි ගලවා ගත් අය ඉතාලි වෙරළාරක්ෂක බලකාය වෙත භාර දී ඇති අතර අතුරුදන් වූ පුද්ගලයන් සොයා වෙරළ ආරක්ෂක බලකාය තවදුරටත් කටයුතු කෙරේ.

මධ්‍යධරණී මුහුද යනු ලොව ඇති මාරාන්තිකම සංක්‍රමණ මාර්ගය වන අතර එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව 2014 වසරේ සිට සංක්‍රමණිකයන් 23,500 කට වැඩි පිරිසක් එහි ජලයෙන් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...