Online passport ප්‍රමාදවීමට හේතුව ඇමති ටිරාන් කියයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):

අදාළ අයැදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයන් නිවැරැදි දත්ත ඉදිරිපත් නොකිරීම නිසා, ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ දීමේදී යම් ප්‍රමාදවීම් සිදුවී ඇති බව , මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටිරාන් අලස් අමාත්‍යවරයා මෙම කරුණු ඉදිරිපත් කළේ ය.

එහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කළේ,

“ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් ගන්න විට ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ ඒ පුරවන ඇප්ලිකේෂන් එකට අදාළ පුද්ගලයන් නිවැරැදි තොරතුරු ඇතුළත් නොකිරීම නිසයි. මේ පුද්ගලයන් සමහර වෙලාවට අයැදුම්පතට ඇතුළත් කරලා තියෙන දුරකතන අංකය වැඩ කරන්නේ නෑ. ඒ නිසා ඒ දැනුම්දීම් කරන්න බැරි වෙනවා. එවිට ඒ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රමාද වෙන්න පුළුවන්.”

“පාස්පෝට් ලබා දීම පිළිබඳව මාතර දිස්ත්‍රික්කය තුළ යම් ප්‍රශ්න තිබෙනවා නම් මම ඒ පිළිබඳව සොයා බලා පියවර ගන්නම්.”

“පසුගිය 2015 වසරේ සිට 2020 දක්වා පනස් අටදහස් තුන්සිය හතරකට ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇතැයි ද එම කාලයේදී ද්විත්ව පුරවැසිභාවය සඳහා හැට තුන්දහස් නවසිය දාහතක් ඉල්ලුම් කර තිබූණා”

යනුවෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...