*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ව්‍යාජ තොරතුරු පතුරවලා බලයට එන අය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදනයක් රටට අවශ්‍යයි!

කොළඹ LNW:දේශපාලන සංස්කෘතියේ නව වෙනසක් සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශන වඩා ප්‍රායෝගික සහ තක්සේරු කළ ඒවා බවට පත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක් අවශ්‍යව තිබෙන අතර මැතිවරණ කාල සීමාව තුළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශන වඩා ප්‍රායෝගික සහ තක්සේරු කළ හැකි ඒවා බවට පත් කරගැනීම වෙනුවෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) විසින් සිදු කරන ලද අධ්‍යයනයක් පදනම් වෙමින් නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන රාමුව සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ අදහස්, යෝජනා සහ එකඟත්වය ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණ අතර අද (20) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන්, එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුන් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා;

“අද පැෆරල් සංවිධානයේ නියෝජිත පිරිසක් එක්ක අපි එක්සත් ජනරජ පෙරමුණ සාකච්ජා කළා. එතුමන්ලා අපට යෝජනාවලියක් ඉදිරිපත් කළා දේශපාලන පක්ෂ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කිරීමේ දී යම්කිසි රාමුවක් අනුගමනය කරන්න කියලා. විශේෂයෙන්ම ඒ මැතිවරණ ප්‍රකාශනය විධිමත් ආකාරයට කා එක්කත් සාකච්ඡා කරලා අදහස් අරගෙන කරන්න ඕන කියන එකයි. ඒක විධිමත්ව ක්‍රියාත්මක කරන කාල සැලැස්මක් පිළිබඳව යන විය හියදම් පිළිබඳ යම්කිසි ආකාරයක රාමුගත ක්‍රියාවලියක් ඇති කරන්න එතුමන්ලා බලාපොරොත්තු වෙනවා කියලා. අපි හිතනවා ඒක වැදගත් පියවරක් කියලා.

අපිත් ඒගොල්ලන්ට යෝජනාවක් කළා. මොකද මේ මැතිවරණ වලදී නොයෙක් දෙනා මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රචාර කරලා ඒ හරහා ජනතාව බිය ගැන්වීමට හෝ අධික සන්තෝෂයට පත් කරලා, මහා බලාපොරොත්තු ඇති කරලා, බලයට එනවා. ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඊට පස්සේ වගකියන්න කෙනෙක් නැති වෙනවා. ඕක අපි 2019 මැතිවරණයේ දී හොඳටම දැක්කා. ඉතින් ඒ නිසා යම්කිසි ආකාරයකට එවැනි ව්‍යාජ තොරතුරු පදනම් කරගෙන පතුරවලා, බලයට එන අය එවැනි තොරතුරු ප්‍රකාශ කරන අය සම්බන්ධයෙනුත්, යම් නීතිමය ප්‍රතිපාදනයක් රටට දැන් අවශ්‍යයි කියන එක අපි ඉදිරිපත් කළා දේශපාලන පක්ෂවල, අරමුදල් ලැබෙන ක්‍රමය සහ වියදම් කිරීමේ ක්‍රියාවලිය ගැන, මැතිවරණ කොමිසමෙත් යම්කිසි වැඩකොටසක් කරනවා. ආදායම් ලැබෙන ක්‍රියාවලිය පිළිබඳව කිසියම් ආකාරයක විනිවිද භාවයක් අවශ්‍යයි.” යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan