පාස්කු වින්දිතයින්ට ලැබුණු වන්දි මුදල් ගැන ප්‍රකාශයක් කරන්න – හිටපු ජනපති කාදිනල් හිමිට කියයි!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයෙන් පසු වින්දිතයින් වෙත ලබා දුන් වන්දි මුදල් එම වින්දිතයින්ට ලබා දීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ කටයුතු කර නැති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කරයි.

ඒ අනුව උන්වහන්සේට ලැබුණු එම මුදල් ගැන උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

තමන් ජනාධිපතිව සිටි සමයේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූ සෑම පුද්ගලයෙකුටම තමා විසින් වන්දි ලබාදීමට පියවර ගත් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා

“මම ගිනස් පොතට ගිහින් තියෙන්නේ නඩු 400 ගණනක් තිබෙන නිසා. කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් නඩු 400 ගාණක් දැම්මා. මැරිච්ච අයට එක නඩුවයි අතපය කැඩිච්ච අයට එක නඩුවයි. වන්දි ගෙවන්න කියලා. නමුත් මම ජනාධිපතිවරයා කාළේ ඒ හැම කෙනෙකුටම පැහැදිලිවම මම වන්දි ගෙව්වා.
කතෝලික සංවිධාන, ලෝකයේ රටවල්වලින්, විවිධ සංවිධානවලින්, ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ආදී නොයෙකුත් අය කාදිනල් හිමිට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සල්ලි දුන්නා. ඒ අය දුන්න සල්ලිවලට මොකද වුණේ කියලා කරුණාකරලා කාදිනල් හිමි ඉදිරිපත් කරනවා නම් හොඳයි. නාමලේඛනයක්. මෙන්න මට ලැබුණු සල්ල. මෙන්ම මම දුන්නා කියලා. ඒ සත පහක් වින්දිතයින්ට දුන්නේ නෑ. මම ආණ්ඩුවෙන් සල්ලි ගෙවලත් ජනාධිපති කාළේ මට නඩු දාලා තියෙනවා මට වන්දි ගෙන්නයි කියලා.”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...