දකුණු කොරියාවේ බැටරි කම්හලක ගින්නක් හේතුවෙන් 16ක් මරුට; 5ක් අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 24,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බැටරි අපනයනය කරන ප්‍රමුඛයෙකු වන දකුණු කොරියාවේ සෝල් නගරයට දකුණින් 45km (සැතපුම් 28) දුරින් පිහිටි හ්වාසොං නගරයේ ලිතියම් බැටරි කම්හලක් වන ඇරිසෙල් කම්හලේ ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

දකුණු කොරියානු බැටරි නිෂ්පාදකයෙකු වන ඇරිසෙල් විසින් ක්‍රියාත්මක කරන ලද බලාගාරයේ මෙම ගින්න ඇතිව ඇති අතර ගිනි නිවන භටයෙකු වන කිම් ජින්-යන්ග් ප්‍රාදේශීය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ගින්න ඇති වන විට කම්කරුවන් 100 කට වැඩි පිරිසක් එම ස්ථානයේ වැඩ කරමින් සිට ඇති බවයි.

ලිතියම් බැටරි දුරකථන, ලැප්ටොප් සහ විදුළි වාහනවල භාවිතා කරන අතර ඒවා අධික ලෙස රත් වූ විට හෝ සිදුරු වූ විට පුපුරා යාම හෝ ගිනි ගැනීම සාමාන්‍යයෙන් සිදුවන කරුණකි. LG Energy Solution, Samsung SDI, සහ SK On වැනි ඉහළ කර්මාන්තකරුවන්ට දකුණු කොරියාව සත්කාරකත්වය සපයයි.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෝල්ගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපතිවරයා මිනිසුන් සෙවීම සහ මුදාගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පවතින සියලුම පිරිස් සහ උපකරණ බලමුලු ගන්වන ලෙස බලධාරීන්ට නියෝග කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...

මැර ප්‍රහාරයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වෙනුවෙන් නාමල් පෙරට එයි

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර...