නොසැලෙන අදිටනින් කොළඹට ගැලූ ගුරු – විදුහල්පති ගඟ.ඉතිහාසයේ විශාලතම ගුරු – විදුහල්පති විරෝධය ලෙසටත් ඉතිහාසයට එක්වෙයි!

Date:

කොළඹ LNW:වැටුප් විෂමතාව ඉවත් කිරීම,දෙමව්පියන්ගේ පාසල් බර සැහැල්ලු කිරීම,විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම,අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල නවතා දැමීමට බල කිරීම ඇතුළු කරුණු මුල්කරගනිමිනුයි ක්‍රියාත්මක කළ ගුරු – විදුහල්පති වැඩවර්ජනයට සමගාමීව අද (26) කොළඹ දී පැවති විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම විරෝධය බලාපොරොත්තු වූවාට වැඩ දැඩි උණුසුම් ස්වභාවයක් ගනු ලැබුවා.

විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීම වළක්වා ලීම සඳහා ලෝටස් පාර කටයුතු අකර තිබුණු නමුත් විරෝධතාකරුවන් එය නොසලකා හැරීම නිසා ලෝටස් මාර්ගය අසලදී විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජන කරමින් එම විරෝධතාවට ගුරු – විදුහල්පතිවරු පැමිණ සිටි අතර අද විරෝධතාවට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර යන්ට විරෝධය පළකරමින් හෙට දිනයේද වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/671/tecaher-principal-protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...