නොසැලෙන අදිටනින් කොළඹට ගැලූ ගුරු – විදුහල්පති ගඟ.ඉතිහාසයේ විශාලතම ගුරු – විදුහල්පති විරෝධය ලෙසටත් ඉතිහාසයට එක්වෙයි!

කොළඹ LNW:වැටුප් විෂමතාව ඉවත් කිරීම,දෙමව්පියන්ගේ පාසල් බර සැහැල්ලු කිරීම,විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම,අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල නවතා දැමීමට බල කිරීම ඇතුළු කරුණු මුල්කරගනිමිනුයි ක්‍රියාත්මක කළ ගුරු – විදුහල්පති වැඩවර්ජනයට සමගාමීව අද (26) කොළඹ දී පැවති විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම විරෝධය බලාපොරොත්තු වූවාට වැඩ දැඩි උණුසුම් ස්වභාවයක් ගනු ලැබුවා.

විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීම වළක්වා ලීම සඳහා ලෝටස් පාර කටයුතු අකර තිබුණු නමුත් විරෝධතාකරුවන් එය නොසලකා හැරීම නිසා ලෝටස් මාර්ගය අසලදී විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජන කරමින් එම විරෝධතාවට ගුරු – විදුහල්පතිවරු පැමිණ සිටි අතර අද විරෝධතාවට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර යන්ට විරෝධය පළකරමින් හෙට දිනයේද වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/671/tecaher-principal-protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...