ක්‍රිස් සිල්වර්වුඩ් ගෙදර යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 27, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉවත්ව තිබෙනවා.ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇත්තේ පෞද්ගලික අවශ්‍යයතා මත ඉවත්වන බවයි.


“ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වීම යනු ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි.”


සිය පවුල සමඟ රැදී සිටීමේ දැඩි හෘදයාංගම උවමනාව ගැන පවසමින් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර තිබෙනවා.ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයෙක් වීමට ලැබීම ගැන ගෞරවයක් බව සඳහන් කරන සිල්වර්වුඩ්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකාරීත්වයට ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, පසුපෙළ කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙන බව පවසා තිබෙනවා.
ඔහුගේ ධුර කාලය යටතේ ජාතික කණ්ඩායම 2022 වසරේ විස්සයි20 ආසියානු කුසලානය දිනාගත් අතර 2023 වසරේ ඕවර 50 ආසියානු කුසලානය අවසන් මහා තරගයට ද පිවිසියේය.මීට අමතරව, කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලි කිහිපයක් ජයග්‍රහණය කර ඇත. ඒ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕවර 50 දී ස්වදේශීය තරගාවලි ජයක් ලැබීම ද විශේෂ කොට සැළකිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...