නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාවේ අත්අඩංගුවට!

0
301

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

මෙරට මුහුදු ප්‍රදේශයේ, නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) අලුයම ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

එහිදි ධීවර බෝට්ටු 04ක සිටි ඉන්දිය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව ද නාවික හමුදාව සඳහන් කරයි.