අර්බුද මැද මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පාර්ලිමේන්තු සවාරියක් – භෝජනාගාරයත් හෝල්සේල් විවෘත වෙයි

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමජිකයන්ට ලබන පළමුවැනිදා සිට පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා. වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය නවක මන්ත්‍රීවරුන් රැසකගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

කොවිඩ් අවදානම හේතුවෙන් අමුත්තන්ට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීම අත්හිටුවා තිබිණි.

මේ අතර පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන, මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් භෝජනාගාර අංශයට උපදෙස් ලබා දී තිබෙනවා. අනිද්දා සිට පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට පාර්ලිමේන්තු ආහාර වේලක රස බැලීමේ අවස්ථාවද උදා වේ.

රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයද වසා දමන්නැයි මන්ත්‍රීවරුන්ගෙන්ම යෝජනා ඉදිරිපත්ව තිබියදී මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහාද අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කිරීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමට අවසර හිමි වන්නේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා 03 ම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණි.

මේ අතර පාර්ලිමේන්තුවේ සභා ගර්භය දෙපස අමුත්තන්ගේ ගැලරිය සහ මහජන ගැලරියද යළි විවෘත කිරීම කෙරෙහි පාර්ලිමේන්තු බළධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඉතා සීමිත පිරිසක් සඳහා එම ගැලරි විවෘත වනු ඇති බවයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ.

දැනට විවෘතව පවතින්නේ මාධ්‍ය ගැලරිය පමණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...