රිෂි සුනක්ට සිය ආසනයත් අහිමිවන ලකුණු ?

0
435

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය දේශපාලනික ඉතිහාසයේ විශාලතම දෙදරීමක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන මහා මැතිවරණයකට අද(04) දිනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් සුදානම්ව සිටින විට අගමැති රිෂි සුනක් සිය ආසනය වන රිච්මන්ඩ් පවා අහිමිව යනු ඇතැයි බියෙන් පසුවන බව වාර්තා වේ.

2019 දී ඔහු සිය මැතිවරණ ආසනය දිනා ගත්තේ වැඩි ඡන්ද 27,000 කින් සහ 63%ක ප්‍රතිශතයකිනි.

කෙසේ නමුත්, අද පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් කම්කරු නායක කීර් ස්ටාර්ම ප්‍රකාශ කර තිබුණේ, රිෂි සුනක්ගේ සමීපතම සගයන් කොන්සර්වේටිව් පක්ෂයට පරාජය පිළිගන්නා බව පෙනී යාමත්, සිය කම්කරු පක්ෂය වෙනුවෙන් පෙර නොවූ විරු ජනමතයක් ගොඩනැගී තිබීමත් හේතුවෙන් බ්‍රිතාන්‍යය නව පරිච්ඡේදයකට ඇතුළු වනු ඇතැයි තමා බලාපොරොත්තුවෙන් සිටින බවයි.