ජනාධිපතිවරයා සහ ඔහුගේ වහලුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන්නයි සැරසෙන්නේ – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:පසුගිය කාලයේ ජනාධිපතිවරයා සහ රජය නියෝජනය කරන වහලුන් සහ අතකොළුවන් රටට නානප්‍රකාර ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසුයි කියා මතයක් ගොඩනැගූ බවත් අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු නොවන අවස්ථාව මෙය බවට සමාජ ගත කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයා සහ ඔහුට සමීප කණ්ඩායම් සිදු කිරීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා කරමින් රජය සිදු කරන කූඨ ක්‍රියා සම්බන්ධයෙන් විරෝධය පාමින් මඩකලපුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එවන් තත්ත්වයක් තුළ අද දවසේ නිත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ජනාධිපතිවරණය උදුරා ගන්නට සොරා ගැනීමට තවත් වෑයම් ගණනාවක් දියත් වන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ කුමන්ත්‍රණ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා යන දිනවල අනිවාර්යෙන්ම පැවැත්විය යුතු වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ඇති අයිතිය අහෝසි කිරීමට සහ කඩාකප්පල් කිරීමට යම් යම් කණ්ඩායම් කටයුතු කරන බව හෙතෙම සඳහන් කරන ඇල්දි.

මේ රටේ සර්වජන ඡන්ද බලය, ජනතා ඡන්ද බලය රැකගත යුතු බවත් මේ රටේ ජනතාවට ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දිය යුතු බවත් මේ වන විට මාලිගා ඇතුළේ ක්‍රියාත්මක කුප්‍රකට කුමන්ත්‍රණ හරහා ජනාධිපතිවරණයක් නොපැවැත්වීම සඳහා පසුබිම සකස් කරන මොහොතක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාතාවට හිමිවිය යුතු මැතිවරණ අයිතිය වහා ලබා දෙන්නට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරන ලදී.

එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම සඳහා ගත යුතු සියලු ම සුදුසු පියවර ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බිය නොවී, වහල් නොවී රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් මෙන් ම මෙයට සම්බන්ධ සියලු නිලධාරීන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියාසිටියේ.

රජගෙවල්වල සිදු කරන කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත් ඒ සඳහා සියලු බලවේග ඒකරාශී කර ගෙන ජනතාව පෙරටු කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ගමනට සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...