පොහොට්ටුවේ අපේක්ෂකයා වෙලාවට ගේන්නම්. බඩු ඉන්නවා, හංගලා තියෙන්නෙ – රෝහිත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාව නියමිත වෙලාවට නිසි ආකාරයට කරළියට ගෙනෙන බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“අපි අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් විධායක සභාවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් සාකච්ඡා කරලා තමයි අනිවාර්යයෙන්ම අපේක්ෂකයා කවුද කියලා තීන්දු කරන්නෙ. ඒක තනියෙන් අපේ කාටවත් තීන්දු කරන්න බෑ, පක්ෂයක් කියන්නෙ සංවිධානයක්, ඒකට නායකයෙක් ඉන්නවා, නිලධාරී මණ්ඩලයක් ඉන්නවා, ඒ අනුව තමයි තීන්දු කරන්නෙ කවුද අපේක්ෂකයා කියලා. අනික මඟුල් ගෙවල්වල මනමාලයාව වැඩිය කියන්න නරකයි. කිව්වාම කේලම් කියලා මඟුල් කඩලා තියෙනවා. ඒ හින්දා මනමාලයාව හරි වෙලාවට ගෙනල්ලා පෝරුවෙ නග්ගන්නනෙ තියෙන්නෙ. එතකොට තමයි කසාදෙ හරියන්නෙ”

ප්‍රශ්නය – මනමාලයාව මේ දවස්වල ඔබතුමාලාට කියන්න බැරිද ?

“මැතිවරණ කොමසාරිස් තමයි නැකැත් හදන්නෙ. එයා නැකැත් හැදුවාම ඒ දිනය බලලා තමයි අපි නැකැත් ලෑස්ති කරන්නෙ. බඩු ඉන්නවා, හංගලා තියෙන්නෙ”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...