JRගේ මුණුපුරා සජිත් ප්‍රේමදාස සමග එක්වෙයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

ඒ මහතා සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සංවිධායක ධුරය සඳහා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

ප්‍රදීප් ජයවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකවරයෙක් ලෙස කටයුතු කර ඇත.

එසේම 2015 දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසී ඒ මහතා 2017 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...