“MasterChef ඕස්ට්‍රේලියා” තරඟයට තේරීපත් වූ Top 3!

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 10, (LNW) කොළඹ
: රසයෙන් සහ ඉවුම් පිහුම් කෞෂල්‍යයෙන් අනූනව අභියෝග ජය ගනිමින් මෙතෙක් ආ MasterChef ගමන් මගෙහි අවසන් තරඟකරුවන් තිදෙනා ද මේ වනවිට තෝරාපත් කරගෙන තිබේ. ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් පොඩි පිම්මක් පමණි.

මෙම සූපවේදීන් තිදෙනා 2024 MasterChef Australia හි ඉහළම ස්ථානය සහ ඔවුනට ලැබෙන බැරෑරුම්ම මාතෘකාව සඳහා තරඟ කිරීමට නියමිතය.

Savindri, Josh, Nat මේ දක්ෂ සූපවේදයේ හරි රහ හොයාගත් ඒ දක්ෂයින් තිදෙනා වේ.

Savindri ලාංකීය අපිට විශේෂ අයෙකි.

https://www.instagram.com/p/C89LN65verq/embed/captioned/

තරඟය පුරාවටම Sav ඇයගේ තාක්ෂණික හැකියාව සහ බොහෝ අභියෝග වලට නිර්මාණශීලී ප්‍රවේශයන් පෙන්වා දෙමින් හෙලකම අමතක නොකරමින් මෙතෙක් ආ ගමන් මඟ ආ දක්ෂ සූපවේදිනියකි.

ඇයගේ කාගේත් කතාබහට ලක් වුණු ආහාර කිහිපයක්;

Lamprais

Carolina Reaper Prawn Consommé

Tropical Squid Ceviche with Mango, Chilli, Coconut and Curry Leaf

මෙවර ඕස්ට්‍රේලියාවේ හොඳම ගෘහ සූපවේදීන් 22ක් මෙම තරඟයට මූලික වට තුළින් ඇතුළත් ව තිබුණි.

ඩොලර් 250,000 ක මුදල් ත්‍යාගය ක් සහ MasterChef කිරුළ දැරීමට අවසන් සටනට සැරසෙන මේ දක්ෂ සූපවේදීන් හට අපි අපගේ සුභ පැතුම් එක් කරන්නෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...