වැස්සයි, සල්ලියි දෙකම නොලැබුණොත් අවුරුදු කන්න වෙන්නේ අඳුරේ – විදුලි ඉංජිනේරුවන් (VIDEO)

Date:

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරීයාමට වර්ෂාවත් ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදලුත් යන දෙකම ලැබුණොත් පමණක් එළියක් ඇතිව අවුරුදු සැමරීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

“පැහැදිලිවම දැන් තියෙන තෙල්, අපට ලැබිච්ච ප්‍රමාණය අනුව පැය 10ක් විදුලිය කැපෙනවා. මේ තත්වය යටතේ ඉදිරියට කපන පැය ගණන වැඩිකරන්න වෙනවා. මොකද, බාර්ජ් විදුලි බලාගාරයේත් තව දින තුනකට පමණ තමයි තෙල් ඉතුරුවෙලා තියෙන්නෙ. ඒ අනුව කපන ප්‍රමාණය තවත් වැඩිකරන්න වේවි. අපට ඉන්ධන ලබාදෙනවා නම් විදුලිය ලබාදෙන්න පුළුවන්. අපි කියන්නෙ පැහැදිලිවම රජයට සහ ඛනිජ තෙල් සංස්ථාව ඇතුළුව ඒ අදාළ ආයතනවලට අපට ඉක්මනට තෙල් ටික ලබාදෙන්න, මේ විදුලිය කැපෙන ප්‍රමාණය පුළුවන්ම තරම් අඩුකරන්න අපට එතකොට පුළුවන්. තෙල් නොලැබුණොත්, වැස්සෙ නැතිවුණොත් පැහැදිලිවම අඳුරේ ඉන්න වෙයි. දෙවියෝ වැස්ස දේවි, තෙල් ටික සල්ලි තිබුණොත් ලැබේවි, එහෙම වුණොත් පමණයි අපට එළියක් සහිතව අවුරුද්ද සමරන්න වෙන්නෙ”

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...