තරු පිරිවරාගත් ඉන්දියාවේ මිල අධිකම විවාහයට ලෝකයේ බලවත් දේශපාලන චරිත රැසකට ආරාධනා

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `12, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානිගේ විවාහයට මෙවර ජාත්‍යන්තර අමුත්තන් වශයෙන් හිලරි ක්ලින්ටන්, බොරිස් ජොන්සන්, ටෝනි බ්ලෙයාර්, ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම් සහ කිම් සහ කිම් කාර්ඩෂියන් පැමිනෙණු ඇති බව වාර්තා වේ.

දේශීය වශයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී මෙන්ම ශාරුක් ඛාන් ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසක්ද පැමිණීමට නියමිත අතර රට පුරා අමුත්තන් ගෙන්වා ගැනීමට පුද්ගලික ගුවන් යානා සිය ගණනක් යොදවා තිබේ.

පසුගිය මාර්තු මාසයේ ආරම්භ වූ පුර්ව විවාහ සැමරුම ලෝකයේ දස අත පුවත් මවන්නට සමත් විය.

එහි පළමු අදියරේදී ආරාධිතයන් වශයෙන් බිල් ගේට්ස්, හිලරි ක්ලින්ටන්, ඉවන්කා ට්‍රම්ප් සහ මාර්ක් සකර්බර්ග් ඇතුළු අමුත්තන් 1,200ක් පමණ පැමිණි අතර එම ප්‍රසංගය සංගීතයෙන් රසවත් කළ රිහානාට ඩොලර් මිලියන 6ක් ගෙවා තිබේ.

ඉන් අනතුරුව මැයි මාසයේදී මධ්‍යධරණී මුහුදේ නවුකාවක් තුළ සිය පවුලේ ය හා සමීපතමයන් සමඟ අම්බානි සැමරුම් උත්සවයක් සැළසුම් කළ අතර ඒ සඳහා Andrea Bocelli, Katy Perry, the Backstreet Boys සහ Pitbull ගේ ප්‍රසංගය සමඟින් අමුත්තන් 800 පැමිණ තිබේ. දල වශයෙන් මේ වෙනුවෙන් ගිය අදායම ඩොලර් මිලියන 150 ක් ලෙස ගණන්බලා ඇති අතර පසුගිය සතියේ පූර්ව විවාහ රාත්‍රිය රසවත් කිරීමට පැමිණි ජස්ටින් බීබර් වෙනුවෙන් ඩොලර් මිලියන 10 ගෙවා තිබේ.

විවාහ මංගල්‍යට ගිය වියදම සම්බන්ධයෙන් නිශ්චිත දත්ත දක්නට නොලැබෙන අතර දල වශයෙන් ඇස්තමේන්තු පවසන්නේ මාස පහක මංගල දර්ශනය සඳහා ඩොලර් මිලියන 600 ඉක්මවීමට ඉඩ ඇති බවයි.

අද(12) දිනයේ හින්දු චරිත්‍රනුකුලව ආරම්භ කළ විවාහ උත්සවය පිළිබඳව තොරතුරු වසන් කර ඇති අතර මෙය පොදු උත්සවයක් වශයෙන් සඳහන් කරමින් එළඹෙන සඳුදා (15) දක්වා අවට මාර්ගවලට ප්‍රවේශය සීමා කර ඇත. කෙසේ නමුත් මේ වන විට පවතින වර්ෂාඅධික කාලගුණික තත්වය හේතුවෙන් නගරයේ ජලගැලීම් වලින් පිඩාවට පත්වන ජනතාව සිය කෝපය ප්‍රකාශ කර තිබේ.

ෆෝබ්ස් සඟරාවට අනුව 66 හැවිරිදි මුකේෂ් අම්බානි මේ වන විට ඩොලර් බිලියන 115 ක ශුද්ධ වටිනාකමක් ඇති ලොව 10 වැනි ධනවත්ම පුද්ගලයා වේ. 1966 දී ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යනු ඛනිජ තෙල් සහ සිල්ලර වෙළඳාමේ සිට මූල්‍ය සේවා සහ ටෙලිකොම් දක්වා අංශවල ක්‍රියාත්මක වන දැවැන්ත සමූහ ව්‍යාපාරයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...