කන්ජිපානිගේ සාදයට ගිය අයගේ ඡායාරූප ලබන සතියේ ජාතික පුවත්පතක – හඬ පටයක් පිටවෙයි

Date:

කන්ජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු ඉතාලියේදී සාදයක් දැමු බවත්, ඒ සඳහා මේ වන විට ප්‍රංශයේ සිටින කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් පරීක්ෂකවරයෙකු සිටින බවටත් සති අන්ත පුවත්පතක් ඔස්සේ කරුණු වාර්තා කර තිබුණා.

පසුගිය පෙබරවාරි මාසයේදී තම ජීවිත ආරක්ෂාව සඳහා බව පවසමින් මෙරටින් ප්‍රංශය බලා ගිය කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද විජේතිලක මහතාට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ ආදළ පුවත් පත මගින් හෙළිකරන පුද්ගල චරිතය ඔහු ලෙස හැගී යාම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් අන්තර්ජාල නාලිකාවක් සමඟ ප්‍රංශයේ සිට සම්බන්ධවෙමින් පොලිස් පරීක්ෂක දුමින්ද දිසානායක මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධ පුවත් වාර්තාව ලියු මාධ්‍යවේදියා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත් නමුත් ඔහු තම දුරකථන ඇමතුම් මඟ හැරී බවත් පවසා ඇති ජයතිලක මහතා තම බිරිය ලබාගත් ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් කන්ජිපානි ඉම්රාන් සමඟ සාදයට ගිය පුද්ගලයින්ගේ ඡායාරුප එළඹෙන සතියේ පළකිරීමට කටයුතු කරන බවත් අදාල මාධ්‍යවේදියා විසින් තම බිරිඳට දැනුම් දී ඇති බව පවසා තිබෙනවා.

ඒ IP මේ IP නොවන බවද අදාළ මාධ්‍යවේදියා විසින් සඳහන් කර ඇති බවත් පවසමින් ඔහු විසින් හඬ පටයක්ද මෙම වැඩසටහනේදී ඉදිරිපත් කර තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...