22වැනි සංශෝධනයට ජනමත විචාරණයක් තිබ්බොත් රනිල් දිනුම් – මන්ත්‍රී වලේබොඩ

Date:

කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී ජනමතවිචාරණයකට ගියහොත් එහි වාසිය වත්මන් රජයට හා ජනාධිපතිවරයාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

ඒ අනුව ජනධිපතිවරණය කල්දැමීමේ අවසන් තුරුම්පුව ලෙස 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණ ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”22 ගැසට් කළාට පස්සේ තුනෙන් දෙකෙන් සම්මත වුණොත් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍ය වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරු හරි ගියොත් එතනින් ජනමත විචාරණයක අවශ්‍යතාව ප්‍රකාශයට පත්කලොතින් තුනෙන් දෙකෙන් සම්මත වුණත් ජනමත විචාරණයට යන්න වෙනවා. ජනමත විචාරණයේ වාසිය තියෙන්නේ ඇත්තටම වර්තමාන රජයට. මොකද ජනමත විචාරණය පරාජය වීමේ හැකියාවක් නැහැ. ජනමත විචාරණයෙන් අහන්නේ අවුරුදු හය පහකරන්නද අවුරුදු හය විදිහටම තියන්නද කියල. අවුරුදු පහට අඩුකරන්න කියල තමයි ජනතාවට දෙන්න වෙන්නේ. එහෙම වුණොත් ජනමත විචාරණය අවසන් වෙලා තමයි ජන්දය තියන්න වෙන්නේ. එතකොට ජනාධිපතිවරණය තව මාස හතර පහකින් කල් යන එක වළක්වන්න බැහැ. ජනමත විචාරණයේදී කියවුනොත් ජනාධිපතිගේ කාලය අවුරුදු පහ නෙවෙයි හය කියල එතකොට කාලය තව අවුරුද්දකින්ම දීර්ඝ වෙනවා. 2025 නොවැම්බර් මාසය දක්වාම දීර්ඝ වෙනවා. ඒ නිසා මේ ප්‍රස්තුතය ගොඩනැගිල තියෙන්නේ මොන තීරණය ගත්තත් වර්තමාන ජනාධිපතිතුමාටත් රජයටත් වාසිදායක විදිහට.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් එය පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහමණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...