‘බයිඩන්ට මැතිවරණ තරඟයෙන් ජයග්‍රහණය කළ නොහැක’ – නැන්සි පෙලොසි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපත් ජෝ බයිඩන් නැවත වරක් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහු පරාජයට පත්වීමට ඇති ඉඩකඩ වැඩිබව හිටපු සභා කථානායක නැන්සි පෙලෝසි ප්‍රකශ කර තිබේ.

පසුගිය මාසයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති විවාදයේදී බයිඩන්ගෙන් දුටු දුර්වල කාර්ය සාධනය හේතුවෙන් ඩිමොක්‍රටික් අපේක්ෂකයන් දිගින් දිගටම කියා තිබුණේ ජෝ බයිඩන් වහාම මැතිවරණ තරඟයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ඒ අනුව ඊයේ(18)දිනයේදී වොෂින්ටන් පෝස්ට් වාර්තා කර තිබුණේ, එළඹෙන නොවැම්බරයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට බිඩෙන්ට හැකියාවක් නොමැති බවට කනස්සල්ල ප්‍රකාශ කරමින් හවුස් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් ධවල මන්දිරයට පණිවිඩ යැවීමේදී පෙලෝසි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, බයිඩන් ඔහුගේ අවසන් තීරණය ගැනීමට ආසන්න වන බවත්ය.

පසුගිය සතියේ ට්‍රම්ප්ට එරෙහි අසාර්ථක ඝාතන ප්‍රයත්නයෙන් අනතුරුව ඔහුගේ ජයග්‍රහණය ස්ථිර බවට දේශපාලනික විචාරකයන් අදහස් දැක්වීමත් සමඟ බයිඩන් වෙත එල්ල වන පීඩනය දැඩි වී ඇති අතර එහිද ප්‍රමුඛ කාර්යයක් කර ඇත්තේ නැන්සි පෙලොසිය.

එමර්සන් විද්‍යාලයේ ඡන්ද විමසීමකට අනුව, ට්‍රම්ප් 45%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට බයිඩන් 43%ක් ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වීමත් සමඟ බයිඩන්ගේ තත්වය තවදුරටත් තීරණාත්මක වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...