අල්-කයිඩා නායක අමීන් උල් හක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 19,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇති ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායක අමීන් උල් හක් අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්තාන ත්‍රස්ත මර්දන බලධාරීන් නිවේදනය කර තිබේ.

ජෙලුම් දිස්ත්‍රික්කයේ කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙමගින් වසර ගණනාවකට පසු පාකිස්තානයේ පළමු වැදගත් අල්කයිඩා අත්අඩංගුවට ගැනීම සනිටුහන් කරයි.

අමීන් උල් හක් අල්කයිඩා සංවිධානයේ ඉහළ පෙළේ සාමාජිකයකු සහ ඔසාමා බින් ලාඩන්ගේ සමීපතමයකු වන අතර පළාත තුළ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් කඩාකප්පල්කාරී මෙහෙයුම් මෙහෙයවීමට සම්බන්ධ බවට පන්ජාබ්හි ත්‍රස්ත විරෝධී දෙපාර්තමේන්තුව (CTD) විසින් උල් හක්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...