*
Thursday, January 16, 2025
spot_img

Latest Posts

බංග්ලාදේශයේ ඇඳිරි නීතිය ප්‍රකශයට පත් කෙරේ ; මියගිය සංඛ්‍යාව 105 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :

රජයේ රැකියා කෝටාවට එරෙහිව රටපුරා ඇති වූ ගැටුම් අතරතුර ශිෂ්‍ය විරෝධතාකරුවන් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්කයක් වන නර්සින්ඩි හි බන්ධනාගාරයකට කඩා වැදී රැඳවියන් සිය ගනනක් නිදහස් කිරීමෙන් පසු බංග්ලාදේෂ රජය තත්වය පාලනය කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය පැනවීමට සහ හමුදා යෙදවීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

අගමැති ෂීක් හසීනාගේ මාධ්‍ය ලේකම් නයීම්මුල් ඉස්ලාම් ඛාන් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන බවයි.

15 වසරක ධුර කාලයෙන් පසු, අගමැතිනි ශික් හසිනාගේ රජයට පෙර නොවූ විරූ අභියෝගයක් එල්ල කරන ලද මෙම නොසන්සුන්තාවය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 105 මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මහ බැංකුව, පොලිසිය සහ අගමැති කාර්යාලය ඇතුළු රජයේ ප්‍රධාන වෙබ් අඩවි ද “THE R3SISTANC3” ලෙස හඳුන්වන කණ්ඩායමක් විසින් හැක් කර ඇති අතර මේවන විට අන්තර්ජාල
ප්‍රවේශයන් සිමා කර ඇත. විරෝධතාකරුවන් විසින් ඩකා හි රාජ්‍ය විකාශක මූලස්ථානයට කඩා වැදී එය ගිනි තැබීමෙන් අනතුරුව රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනය නොවේ.

1971 දී රටේ විමුක්ති ව්‍යාපාරයට සහභාගී වූ ප්‍රවීණයන්ගේ දරුවන් සඳහා රජයේ රැකියාවලින් 30%ක් වෙන් කිරීමක් නැවත ලබා දෙන ලෙස මහාධිකරණය ජුනි 5 වැනි දින නියෝග කිරීමෙන් පසුව ශිෂ්‍ය විරෝධතාවයන් ඇවිලී ගියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan