රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ (LNW):
පසුගිය දා ඝාතනය වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු හත්දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙන අතර , එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බව වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවූ පසුගිය 8 වනදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පසුගිය 10 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.