2024 එක්සත් ජනපද ජනාධිපති තරඟයෙන් බයිඩන් ඉවත්වීම ගැන ලෝක නායකයින්ගේ ප්‍රතිචාර

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 22 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් 2024 ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වන බවත් සිය පක්ෂයේ මීළඟ අපේක්ෂකයා වශයෙන් උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බවට නිවේදනය කිරීමත් සමඟ ලෝකයේ නන් දෙසින් ජෝ බිඩෙන් වෙත කෘතඥතා වේ මෙන්ම සහයෝගයේ පණිවුඩ ගලා එමින් පවතින බව වාර්තා වේ.

මේ මාසයේ වොෂින්ටනයේදී බයිඩන් හමු වූ එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය කියර් ස්ටාමා ප්‍රකශ කර තිබුණේ, තමා ජනාධිපතිවරයාගේ තීරණයට ගරු කරන බවත් ඔහුගේ ඉතිරි ධුර කාලය සඳහා එකට වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

බයිඩන්ගේ තීරණය වාර්තා වීමත් සමඟ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, බයිඩන් කැනඩාවේ සැබෑ මිතුරෙකු බවත්, ඔහු කරන සෑම දෙයක්ම මෙහෙයවනු ලබන්නේ ඔහුගේ රට කෙරෙහි ඇති ආදරය හේතුවෙන් වන බවත්ය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තවදුරටත් බයිඩන් පිළිගනිම සුදුසු වන බවයි. එමෙන්ම නවසීලන්ත අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් සඳහන් කර තිබුණේ, ජනාධිපති බයිඩන් තම ජීවිතය මහජන සේවය සඳහා කැප කර ඇති අතර එය බොහෝ ගෞරවය ලැබිය යුතු දෙයක් වන බවයි.

X හි සඳහනක් යොදමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කර තිබුණේ, රුසියාවට එරෙහි යුද්ධයේදී ජනාධිපති බයිඩන් රිපබ්ලිකානුවන්ගේ පසුබෑම නොතකා, එක්සත් ජනපදය ආයුධ, මිලිටරි ආධාර සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගයෙන් සහාය ලබා දීම මතකයේ රැඳෙනු ඇති බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද බයිඩන්ගේ ඉවත්වීම සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, යුද්ධයේදී ඊශ්‍රායල් පාර්ශවය වෙනුවෙන් බයිඩන් විසින් කරන ලද දේ වෙනුවෙන් ඔහුට ස්තුතිවන්ත වන බවයි.

මිට අමතරව ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ, පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් , දකුණු කොරියාවේ සහ ජපානයේ නායකයින් මෙන්ම පිලිපීන ජනාධිපති ආදී බොහෝ නායකයන් ජනාධිපති බයිඩන්ගේ මිත්‍රත්වයට සුබ පතමින් ඔහුගේ සෞඛ්‍ය තත්වයට ආශීර්වාද කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...