*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ශ්‍රීලනිපයට එරෙහි පෙත්සමකට අතුරු නියෝග තීන්දුව හෙට!

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළේය.

මෙම නඩුවේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අදාළ නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරු මෙම පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කරනු නොතිබීම විශාල ඌණතාවයක් බවයි.

ඔවුන් වග උත්තරකරුවන් වශයෙන් නම් නොකිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම නඩුකරය තුළ සම්පූර්ණයෙන්ම නියෝජනය වීමක් සිදු නොවන බවත් පෙන්වා දුන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා තම සේවා දායකයා මෙම නඩු කරයේ විත්තිකරුවකු ලෙස නම්කර ඔහුට කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම්වලට විරෝධය පළ කළ වගඋත්තරකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු මහලේකම් සරත් ඒකනායක යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගස්සේන මහතා කියා සිටියේ මෙම නඩුව පවරා මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී තිබෙන බවත් එතෙක් මෙම නඩුකරය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ලසන්ත අලගියවන්න මහතා මේ අවස්ථාවේදී ඊට මැදිහත්වීමට අවසර ඉල්ලීම ගැටළු සහගත බවයි.

එම නිසා අලගියවන්න මහතාගේ ඉල්ලීම ඉවත දමා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ඉල්ලීම පරිදි නඩු විභාගය අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan