(VIDEO):එක ඩොලරයකවත් රටට ණය නැත්තේ මහින්ද මහත්තයා විතරයි.මහින්දට බැන බන මහින්ද හදපු දේවල් විකුණන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය!

Date:

කොළඹ LNW:මහින්ද රාජපක්ෂ මහතා ණය ලෙස ගත් හැම ඩොලරයකටම මේ මහ පොළවට වටිනාකමක් දී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත් පැවසුවේය.

මහා,මාර්ග,අධිවේගී මාර්ග.වරාය,ගුවන් තොටුපොළ ඇතුළු සංවර්ධන කටයුතු මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයද ශක්තිමත් කළ බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

එමෙන්ම සංචාරක කර්මාන්තය අවශ්‍ය පහසුකම් මෙන්ම කර්මාන්තවලට අවශ්‍ය පහසුකම්ද ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම්ද එදා නොඅඩුව ලබා දුන් බවද ඔහු පැහැදිලි කළේය.

අද මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තියට බැන බැන ඒ දේවල් විකුණා දැමීම වත්මන් ආණ්ඩුවේ කාර්ය වී තිබෙන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.

කෙසේවෙතත් ප්‍රතිපත්ති සමඟ දේශපාලනය කරන පක්ෂයක් ලෙස ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඒ පණිවිඩය ගමට රැගෙන යන ලෙසත් ඔහු සිට පාක්ෂිකයින්ට අවධාරණය කළේය.

ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැන්මට නම් ආණ්ඩු බලය රැකගත යුතු අතර ඒ වෙනුවෙන් හැම විටම පාක්ෂිකයා රැකගත යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

නමල රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (28) හෝමාගම ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...