නිව්යෝර්ක් හි වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ පිහිටි ‍මේපල්වූඩ් උද්‍යානයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වෙඩිවැදීමෙන් මියගිය පුද්ගලයා 20හැවිරිදි අයෙකු වන අතර තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන් වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...