හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ් මිය ගිය බව ඊශ්‍රායල තහවුරු කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය පසුගිය මාසයේ ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් ව්‍යාපාරයේ හමුදා අංශය වන ඉසෙඩින් අල්-කසාම් බළකායේ ප්‍රධානියා හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ් මියගොස් ඇති බව ඊශ්‍රායලය තහවුරු කර තිබේ.

හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නොමැ ති අතර ඔහු වසර ගණනාවක් පුරා ඊශ්‍රායල් හමුදාව විසින් සොයමින් සිටි අයෙකි.

මොහොමඩ් ඩීෆ් 1996 දී ඊශ්‍රායල ජාතිකයන් දස දෙනෙකුට මරු කැඳවූ බස් බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම සහ 1990 දශකයේ මැද භාගයේදී ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනෙකු අල්ලා මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබයි.

ඊශ්‍රායල් පුද්ගලයන් 1200කට මාරු කැඳවමින් 251ක් ප්‍රාණ ඇපයට ගනු ලැබූ පසුගිය ඔක්තෝම්බර් 7 වනදා හමාස් ප්‍රහාරය මෙහෙය වීමේ මහා මොළකරුවකු ලෙස මොහොමඩ් ඩීෆ් සැලකෙන අතර මොහුගේ මරණය සිදු වුයේ කලාපීය යුද්ධයක් පිලිබඳ භීතිය අවුලුවා ඇති ඊශ්‍රායල-ගාසා ගැටුමේ කැලඹිලි සහිත සතියක් අවසානයේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...

කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...