ඇඳිරි නීති කාලසීමාව තුළ බස් දුම්රිය සේවා අත්හිටුවයි

Date:

අද පස්වරු 06 සිට දිවයින පුරාම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. සඳුදා පෙරවරු 06 දක්වා එය බලපැවැත්වේ.

මෙම කාලසීමාව තුළ දුම්රිය ධාවනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. තෙල් ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය පමණක් සිදුවන අතර කෙසේ නමුත් අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සැළසුම් කර ඇති දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.

මේ අතර ඇඳිරි නීති සමය තුළදී පෞද්ගලික බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා. ලංගම බස්රථ ධාවනයද අත්හිටුවා ඇති අතර කෙසේ නමුත් අද දිනයේදී සැළසුම් කර ඇති ගමන් වාර ක්‍රියාත්මක වේ.

විදේශගත වීම සඳහා ගුවන් තොටුපල වෙත යන මගීන්ට කිසිදු බාධාවක් සිදු නොවන අතර සිය ගුවන් ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...

2026 අශ්වයාගේ වසර පිළිගන්න චීනය සූදානමින්!

කොළඹ LNW: චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම්...

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මරදාන පොලිස් වසමේදී...

බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට...