ඔස්ට්‍රේලියාව හත්වැනි වරටත් කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ජය ගනී

Date:

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය හත්වැනි වරටත් ජයගහණය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අද සමත් වූහ. ඒ, 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 71 කින් පරාජයට පත් කරමිනි.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඔවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තෝරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 356 ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි ඇලිසා හීලි 46 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව දක්වා කඩුල්ලේ රැඳී සිටි අතර ඇය පන්දු 138 කදී ලකුණු 170 ක් වාර්තා කිරීමට සමත් වූවාය. ඇයගේ මෙම ලකුණු ප්‍රමාණය ලෝක කුසලාන අවසාන මහා තරගයකදී ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණයයි.

හීලි රචෙල් හයින්ස් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 160 ක සබඳතාවයක් පැවැත්වූ අතර හයින්ස්ගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවසි බෙත් මූනි සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 156 ක් එක් කිරීමට හීලි සමත් වූවාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවන්ට පිටියේ ස්ථාවර වීමට කැන්ගරු ක්‍රීඩිකාවන්ගෙන් අවසර හිමි නොවූ අතර ලකුණු 213 ක් ලකුණු පුවරුවට එක්වන විට කඩුලු 08 ක් එංගලන්තයට අහිමි විය. කෙසේ නමුත් 09 වැනි කඩුල්ලට පිටියේ එක් වූ නැට් ෂීවර් සහ චාර්ලි ඩීන් 278 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වූ අතර ඩීන්ගේ දැවීයාමෙන් පසුව අවසන් එංගලන්ත කඩුල්ල ලෙස නැට් ෂීවර් ලකුණු 285 දී දැවී ගියාය. ඒ වනවිට ඇය පන්දු 121 කදී ලකුණු 148 ක් ලබාගෙන සිටියාය. එය ලෝක කුසලාන අවසන් තරගයකදී වාර්තා වූ දෙවැනි ඉහළම ඉනිමයි.

ලකුණු 170 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම කුසලානය කරා රැගෙන ගිය ඇලිසා හීලි අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමටද සමත් වූවාය. ඇය තරගාවලිය පුරා ලකණු 509 ක් රැස් කරගත් අතර එය තරගාවලියේ ක්‍රීඩිකාවක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණයද වේ.

තරගයේ ලකුණු පුවරුව……

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...