මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය!

Date:

කොළඹ LNW: මැලිබන් සමාගමේ සභාපති ඒ.ජී. රත්නපාල මහතාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය සහ මාළිගා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති හා මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

දිවංගත මැලිබන් සමාගමේ නිර්මාතෘ ඒ.ජී.හින්නිඅප්පුහාමි මහතා සහ එම පවුල මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ ප්‍රමුඛතම දායකයෝ වූ බවත්,1960 සිට සෑම මාසයකම 12 වෙනදා අග්‍රශ්‍රාවක මහා විහාරයේ දානමය පුණ්‍ය කර්මය සිදු කළේ එම පවුල විසින් බව ද නා හිමියෝ පෙන්වා දෙති.

අප ගුරුදේවෝත්තම හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමිපාණන් වහන්සේ කොතැනක වැඩ සිටියත් සෑම මකම දොළොස් වෙනිදා මැලිබන් නිවසේ දානය පිළිගැනීමට නොවරදවාම සහභාගිවීමට මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරයට වැඩම කිරීම උන් වහන්සේ අපවත් වන තුරුම නොකඩවා සිදුකළ බව බානගල නා හිමියෝ පවසති .

අග්‍රශ්‍රාවක මහා විහාරස්ථ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කිරීමට පූර්ණ දායකත්වය දැක්වූයේ ද හින්නි අප්පුහාමි මහතා ප්‍රමුඛ මැලිබන් පවුලයි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ සෑම කටයුත්තකදීම නොපිරිහෙලා ප්‍රමුඛත්වය ගැන කටයුතු කළ මැලිබන් පවුලේ වත්මන් මහා වෘක්ෂය වූ ඒ.ජී.රත්නපාල මහතාගේ අභාවය රට දැය සමය පිළිබඳ ආදරයක් ඇත්තා වූ සියලු දෙනාගේ ශෝකයට හේතුවක් බව ද එබැවින් අප සියලු දෙනා එක්ව රත්නපාල මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු යයි උන් වහන්සේ ඉල්ලා සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...