සැප්තැම්බර් 21 අපිට තියෙන්නේ තේරීමක් නෙවෙයි වගකීමක්!

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 21 ඇත්තේ තෝරාගැනීමක් සිදුකිරීම නොව වගකීමක් ඉටුකිරීම බව මව්ලවි මුනීර් මුලෆ්ෆර් පැවසූහ.

මව්ලවිවරයා මේ අබව සඳහන් කළේ ඊයේ (08) ගම්පහ මල්වානේදී පැවති ජාතික ජන බලවේගයේ මුස්ලිම් සහෝදරත්වයේ හමුව අමතමිනි.

”මේ මොහොතේ අපට තිබෙන්නේ තේරීමක් නෙවෙයි වගකීමක්. තෝරන්න නම් අපිට හොඳ ඒවා කිහිපයක් තියෙන්නේ ඕනේ. මම හිතන්නේ අනිත් බලවේග දෙකම ඔබ දන්නවා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ඉන්නේ කවුද කියල හෘද සාක්ෂිය දන්නවා. ඒ නිසා අපිට තෝරාගැනීමක් නැහැ අපිට වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි වෙන කිසිවක් නෙවෙයි සැප්තැම්බර් මාසේ 21 වැනිදා වෙනකොට රටේ නායකයා බවට ජාතික ජන බලවේගයේ මාලිමාව යටතේ අනුර කුමාර දිසානායක දිනවීම වෙනුවෙන් අපි කටයුතු කරමු.ඒ වෙනුවෙන් පෙළගැසෙමු. ඒ වෙනුවෙන් වැඩකරමු.” යනුවෙන් මව්ලවි මුනීර් මුලෆ්ෆර් වැඩිදුරටත් සඳහන් කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...