ඊශ්‍රායලයට ‘දැඩි දඬුවම්’ කරන ලෙස ඉරානයේ උත්තරීතර නායකයා ගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට සුදානම් -IRGC

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ටෙහෙරානයේ හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉරානය උත්තරීතර නායක අලි කමේනි කරන ලද නියෝගය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ(IRGC) නියෝජ්‍ය අණදෙන නිලධාරි අලි ෆඩාවි මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

හමාස් දේශපාලන ප්‍රධානියා වන ස්මයිල් හනියේ ඉරානයේ නව ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට පැමිණ සිටින විටදී පසුගියදා ටෙහෙරානයේදී ඊශ්‍රායල් ප්‍රහාරයකට ලක්ව මිය යන ලදී.

මෙත් සමඟ ඊශ්‍රායලය සහ ඉරානය අතර වර්ධනය වන අතතීන් මධ්‍යයේ එක්සත් ජනපද ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් ඇතුළු අමතර සම්පත් මැද පෙරදිගට ඇති අතර කිසිදු පාර්ශවයක් යුද්ධයකට නොයා යුතු බවට දෙපාර්ශවයටම නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් හමාස් තම දේශපාලන කාර්යාංශයේ නව නායකයා ලෙස හනියේ ගෙන් පසු ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර සිටින කසාම් බළකායේ නායක යහ්යා සින්වාර් නිවේදනය කර ඇති අතර ඉදිරි ප්‍රහාරයන් ඔහුගේ අනු දැනුම මත සිදුවනු ඇති බව විශ්වාස කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...