ඊශ්‍රායලයට ‘දැඩි දඬුවම්’ කරන ලෙස ඉරානයේ උත්තරීතර නායකයා ගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට සුදානම් -IRGC

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ටෙහෙරානයේ හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉරානය උත්තරීතර නායක අලි කමේනි කරන ලද නියෝගය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ(IRGC) නියෝජ්‍ය අණදෙන නිලධාරි අලි ෆඩාවි මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

හමාස් දේශපාලන ප්‍රධානියා වන ස්මයිල් හනියේ ඉරානයේ නව ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට පැමිණ සිටින විටදී පසුගියදා ටෙහෙරානයේදී ඊශ්‍රායල් ප්‍රහාරයකට ලක්ව මිය යන ලදී.

මෙත් සමඟ ඊශ්‍රායලය සහ ඉරානය අතර වර්ධනය වන අතතීන් මධ්‍යයේ එක්සත් ජනපද ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් ඇතුළු අමතර සම්පත් මැද පෙරදිගට ඇති අතර කිසිදු පාර්ශවයක් යුද්ධයකට නොයා යුතු බවට දෙපාර්ශවයටම නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් හමාස් තම දේශපාලන කාර්යාංශයේ නව නායකයා ලෙස හනියේ ගෙන් පසු ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර සිටින කසාම් බළකායේ නායක යහ්යා සින්වාර් නිවේදනය කර ඇති අතර ඉදිරි ප්‍රහාරයන් ඔහුගේ අනු දැනුම මත සිදුවනු ඇති බව විශ්වාස කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...