ඇමරිකානු වැඩබලන සහකාර ලේකම් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්!

කොළඹ LNW:ඇමරිකා එක්සත් ජනපදයේ සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජොන් මැතිණිය පසුගිය 20 වැනි දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.

තම කාර්යාලය වෙත පැමිණි අමෙරිකානු දූත පිරිස රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර රාජ්‍යයතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් හට එක්ව කටයුතු කිරීමේ අවස්ථාවන් වැඩි කිරීමටත් සහ ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු දියුණුකිරීමට අවැසි සහයෝගය ලබාගැනීම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබිය.

සාකච්ඡාව අවසානයේ එම අවස්ථාවේ සුවිශේෂීත්වය සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරී රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ද මෙම අවස්ථාවට එක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...