71 කැරැල්ලට වසර 51ක් සපිරේ ….

Date:

1971 අප්‍රේල් කැරැල්ලට අදට (05) වසර 51ක් සපිරේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම කැරැල්ල දියත් කළ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් විසින් ආරම්භ කළ පළමු ජනතා සන්නද්ධ අරගලය වූයේ ද එයයි.

එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය ප්‍රමුඛ රජයට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පීඩිත තරුණ තරුණියන් ආයුධ සන්නද්ධව සටනට අවතීරණ වූ අතර පොලිසිවලට පහරදී බලය අල්ලාගැනීම ඔවුන්ගේ ඉලක්කය වී තිබිණි.

පැවති යම් යම් තත්වයන් අනුව කැරැල්ල අසාර්ථක වී දරුණු රාජ්‍ය මර්දනයකට මුහුණ පෑමට එම තරුණ තරුණියන්ට සිදුවූ අතර දහස් ගණනක් මරණයට පත්ව තවත් විශාල පිරිසකට දීර්ඝ සිර දඬුවම් විඳීමට ද සිදුවිය.

එසේවෙතත් පෞද්ගලික අරමුණු වෙනුවට පොදු අරමුණකින් යුතුව ඔවුන් එදා පෙන්වූ ධෛර්යය, කැපවීම, පරිත්‍යාගය අදටත් සැමරුමට ලක්විය යුතුය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...