ජනපතිගෙන් සජිත් සහ අනුරට සජීවී සංවාදයකට අභියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):

IMF කොන්දේසි වෙනස් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි යළිත් අවධාරණය කළ අතර, එසේ කළ හැකි බවට ජනාධිපති අපේක්ෂකවරුන් වන සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන් ප්‍රකාශ කරන්නේ නම් සියලු දෙනා එක්ව IMF සමග සජීවී සංවාදයකට එන්නැයි ජනාධිපතිවරයා අභියෝගයක් කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට එක්වෙමින්  ජනාධිපතිවරයා මෙම අදහස් පළකළ අතර, රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාව මෙහිදී පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කෙරුනු අතර එය ඒකමතිකව සම්මත විය.

ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් රැසක් මෙහිදී අදහස් දැක්වනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...