රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):
“යලි නොවැටෙන අභිමානවත් රටක්” ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ගේ ඉදිරි පස් අවුරුදු වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යළිත් ජනපති කරලීම වෙනුවෙන් කැස්බෑව ආසනයේ, තුම්බෝවිල හා සුවාරපොල මැතිවරණ කොට්ඨාශයන්හි ප්රචාරක කටයුතු අද(25 ඉරිදා) දින සිදු කරනු ලැබීය.
කැස්බෑව මැතිවරණ කොට්ඨාශයේ කලාප සංවිධායක රනිල් විල්අද්දරගේ මහතා ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ප්රචාරක කටයුතු සිදුවිය.
“ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා ජනතාව දිනෙන් දින එකතු වෙන බවත්, විශාල ජන වරමක් සහිතව ජනාධිපතිවරයා නැවත ජනාධිපති ලෙස පත්වීම අනිවාර්යයෙන්ම සිදුවන බවත්” රනිල් විල්අද්දරගේ මහතා මෙහිදී පැවසීය.