අපි නියත වශයෙන් ජයග්‍රහණය කරනවා. රනිල් – සජිත් දැන් සැලසුම් කරන්නේ පරාජයෙන් ගැලවෙන හැටි – AKD

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ රනිල් – සජිත් සියලු දෙනා විශාල බියකට පත්ව සිටින අතර දැන් සැලසුම් සකස් කරමින් සිටින්නේ මේ පරාජයෙන් බේරීමට බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) රට අනුරට මරදන්කඩවල මහජන රැළිය අමතමිනි.

”දැන් පහුගිය දවස්වල මැතිවරණ වේදිකාවේ ඔබ දකින්න ඇති හැම වෙලාවේම කොහොමද මේ පරාජයෙන් බේරෙන්නේ කියල ඒගොල්ලෝ සැලසුම් කරනවා. තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අයින් වෙලා කිව්වා ඒගොල්ලෝ එකතු වුණේ නැත්නම් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියල. ගිය සතියේ පාර්ලිමේන්තුවේදී මම දැක්කා අරුන්දික ප්‍රනාන්දු කියනවා මාර අනතුරක් වෙන්න යන්නේ ඒගොල්ලන්ට හොඳේ.ඒ නිසා ඒක වළක්වා ගැනීම සඳහා දෙගොල්ල එකතු වෙන්නේ නැත්නම් එයා ස්වාධීන වෙනවා කියල. දැන් මොකක්ද මේ වෙමින් තියෙන්නේ. ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ ඒගොල්ලෝ විශාල බියකට පත්වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ යාපහුවට ගිහින් කියනවා සජිත්ට ගහන කතිරයක් අනුරට දෙන ජන්දයක් කියල. සජිත් ප්‍රේමදාස ගාල්ලට ගහින් කියනවා රනිල්ට ගහන කතිරයක් අනුරට දෙන කතිරයක් කියල. අපි කියන්නේ මොකක්ද දන්නවද රටේ ජනතවට එක එකා හරහා කතිර එපා. සජිත් හරහා අපිට කතිරය රනිල් හරහා අපට කතිරය අපට එපා.කෙළින්ම මාලිමවට කතිරය ගහන්න.” යනුවෙන් අනුර දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...