*
Friday, September 20, 2024
spot_img

Latest Posts

IMF යෝජනා නොසලකා රනිල් වික්‍රමසිංහ රට තව උගුලක පටලවලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය නිසා පීඩාවට පත් වූයේ ලක්ෂ 220 ජනතාව බවත් මේ වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ආ යුතු බවත් වත්මන් රජය ඒ සදහා ජන ජීවිත කුඩා කර ආර්ථිකය කුඩා කර වැඩකරන ජනතාවගේ කරපිට බදු පටවා ඇති බවත් ආර්ථිකය කුඩා කිරීම තුළින් ගොඩ ආ හැකි බව කීව ද එය වැරදි බවත් ගොඩ ආ යුත්තේ ආර්ථික වර්ධනය හරහා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

IMF ණය ගෙවිය යුත්තේ 2033 සිට වුවත් රනිල් වික්‍රමසිංහ රජය 2028 සිට ණය ගෙවන්න තීරණය කර ඇති බවත් ආර්ථික කුඩා වන විට ජන ජීවිත කඩා වැටී අපනයන ප්‍රවර්ධනය නොවන බවත් එවිට ඩොලර් ආදායමක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මේ වන විට ණය ගෙවීම ආරම්භ වන කාලය අඩුකර තවත් මර උගුලකට රට ලක් කර ඇති බවත් ⁣විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නුගේගොඩ දී පැවති ජන හමුවක් අමතමිනි.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්ත බිද වැටී, ඇගලුම් කම්හල් වැසී ගොස්, අපනයන දිරිගැන්වීමට වැඩපිළිවෙළක් නොමැති තැනක 2028 සිට ණය ගෙවීමට තීරණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ ලක්ෂ 220 එකට එකතු වී නිෂ්පාදනය හා අපනයන වැඩි කර ආර්ථික වර්ධනය වැඩි කර හැමෝම එකතු කර ගත් ආර්ථික වර්ධනයක් සහ සෞභාග්‍යය ඇති කර දුප්පත්කම තුරන් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවත් දන්නෑ රටේ ඉන්න දුප්පතුන් ප්‍රමාණය

රටේ දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇතැයි ජනාධිපති පවා නොදන්නා බවත් මොහුට දුප්පත්කම තුරන් කරන්න වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේගයට නාගරික,ග්‍රාමීය හා වතු ක්ෂේත්‍රයේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ඇති බවත් එය ජනසවියට හා සමාන මාස 24 වැඩපිළිවෙළක් බවත් මාසයට රු. 20000 බැගින් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අපේ රජයක් තුළ පරාටේ නීතිය තව ටික කාලයකට අත්හිටුවනවා

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසිය පවා නතර කළේ සමගි ජන සන්ධානය බවත් පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විට මේ ආයතනවලට හුස්ම ගැනීමට ප්‍රාග්ධනයක් ලබා දිය යුතු වුවත් තවමත් එය ලබා දී නොමැති බවත් සමගි ජන බලවේග රජයක් තුළ දෙසැම්බර් 15 සිට තව සීමාසහිත කාලයකට පරාටේ නීතිය අත්හිටුවන බවත් එහි දී ප්‍රාග්ධනය ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම ආර්ථික වර්ධනය වැඩි කිරීමට නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් කාරක ප්‍රග්ධනය ලබා දෙන බවත් කුසලතාවයෙන් නිපුණතාවෙන් හෙබි විශිෂ්ට ශ්‍රම බලකායක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ප්‍රතිඵල කේන්ද්‍රීය දත්ත කේන්ද්‍රීය රාජ්‍ය පාලනයකට යා යුතු බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් කරා යා යුතු බවත් සෑම ගනුදෙනුවක්ම විනිවිදභාවයෙන් යුත්ත විය යුතු බවත් සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan