*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

21 අපේ ජය නියතයි!

කොළඹ LNW:පාලකයන් පමණක් ගොඩයන ක්‍රමය සහදටම වෙනස් කරමින් එළඹෙන 21 වැනිදා ජාතික ජන බලවේගය නියත වශයෙන්ම ජයගන්නා බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැලැක්වීම සඳහා විවිධ අසත්‍ය තොරතුරු,මඩ, අවලාද තවදුරටත් පතුරවමින් සිටින බවයි දිසානායක මහතා සඳහන් කළේ.

ජනතාවට හොඳින් ජීවත් විය හැකි ලස්සන රටක් හැදිය යුතු අතර ඒ සඳහා සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීම කළ යුතු බවත් එමඟින් රට හදන ආණ්ඩුවක් ගොඩ නගා හොරකම් නතර කර , ජනතාවගේ ධනය හොරා කෑ දේශපාලුවන්ට දඬුවම් දෙන ආණ්ඩුවක්, හොරා කාපු මහජනතාවගේ දේපොළ යළි පවරා ගන්න ආණ්ඩුවක්, සැබෑ ලෙසම ජනතාවාදී ආණ්ඩුවක් රට තුළ ගොඩනගන බව හෙතෙම කියාසිටියේය.

“මේ තාක් කාලයක් මේ රට පාලනය කළ පාලකයන් නිසා මේ රට කඩා වැටුණා. හැබැයි මේ රට පාලනය කළ පාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය ගොඩගියා. ඒ ක්‍රමය සදහටම වෙනස් කරන්න අපි සැප්තැම්බර් 21ක ජනාධිපතිවරණය දිනා අලුත් ආණ්ඩුවක් හදාගමු. මේ රට ගොඩනගන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි හදාගනිමු. මේ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියතයි. දකුණේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ජාතික ජන බලවේගයත් සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. මේ සයින්දමරදුවල ජීවත්වන මුස්ලිම් ජනතාවගේ තීන්දුව මොකක්ද, ඔබලා හඬගා කියන පරිදි ජාතික ජන බලවේගය දිනවීම ස්ථිරයි.

අපේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා අද අපිට විරුද්ධ පාර්ශ්වයන් අපට එරෙහිව අවලාද මඩ සහ අසත්‍ය තොරතුරු පතුරුවමින් ඉන්නවා. ළඟදී මෙහෙට ආවාද හිස්බුල්ලා. එතුමා ඇවිත් අපි ගැන අවලාද බොරු ගොඩක් ප්‍රකාශ කරළා තිබෙනවා. මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් සමරන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් රාමසන් උත්සවය. අනික හජ්ජි උත්සවය. හිස්බුල්ලා කියල තියෙනව අපි ආවහම එකක් නතර කරනවා කියල. හිස්බුල්ලාගෙ ඔළුව පරීක්ෂා කරලා බලන්න ඕනෑ. එයා තව කියල තියෙනවා ජනතාවට පල්ලි යන්න දෙන්නෙ නෑලු. මේ ගොල්ලො මුස්ලිම් ජනතාව ළඟට ඇවිල්ල එහෙම කථාවක් කියනවා. ඒ සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක මහනුවර දි කියනවා අපි බලයට ආපුවහම පෙරහර කරන්න දෙන්නෙ නෑලු. ඒ ගොල්ලන්ගේ වේදිකාවට ගොඩවෙන සමහර හාමුදුරුවරු කියනවා අපි ආපුවහම දානවේල හම්බවෙන්නෙ නැතිලු. ඒව දේශපාලන කථාද, ඒව දේශපාලන විවේචනද, ඒවාට කියන්නෙ අවලාද. ඒවට කියන්නෙ අසත්‍යය. ඇත්තටම ආගම් පිළිබඳ ගෞරවයක් තිබෙනවා නම් ආගම් පිළිබඳ නිදහස ඇත්තටම අපේක්ෂා කරනවා නම් දේශපාලන වේදිකාවෙ කියන්න ඕන නැති කරුණු ඒවා. ඒවා ආගම්වාදය අවුස්සන කථා. අපි සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාව ජීවත්වන රටක් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි කියල ආගම් ගණනාවක් අදහන රටක්. දෙමළ, සිංහල ප්‍රධාන භාෂා දෙකක් කථාකරන ජනතාවක් ඉන්න රටක්. සිංහල අයට තමන්ගේම වූ අනන්‍යවූ සංස්කෘතියක්. දෙමළ අයට අනන්‍යවූ සංස්කෘතියක්, මුස්ලිම් අයට අනන්‍ය වූ සංස්කෘතියක් සහිත සංස්කෘතීන් ගණනාවක් එක්ක ජීවත්වන රටක්, අපේ රට. ඒ නිසා මේ රටේ අනාගතය පවතින්නෙ මෙම විවිධත්වයන් සහිත ජනකණ්ඩායම් අතර සමගිය හැදුණොත් විතරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ පාලනයක් එන්නේ ඔබේ ආගම ඇදහීමේ අයිතිය, භාෂාව කථා කිරීමේ අයිතිය ලබාදෙන පාලනයක්. ඔබේ සංස්කෘතික අනන්‍යතාවය පිළිගන්න නිදහස් රටක් හදන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව.” යනුවෙන් අනුර දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ සයින්දමරුදු හි මහජන රැළිය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan