වෙඩිල්ල (කවි කෝලම) : පුළුවන් !!

අන්ධ අඳුරම කැන්ද ගන්නත් පුළුවන්
නින්ද දිගටම රන්ද ගන්නත් පුළුවන්
ලන්ද වට වැටකොටු බැඳෙන්නත් පුළුවන්
“ලන්ද-බට” මතකෙට නැඟෙන්නත් පුළුවන්

පිටට පිට – පිට පිට වදින්නත් පුළුවන්
කටට වට රසදිය ගිලෙන්නත් පුළුවන්
වැටෙන කලිසම උස්ස ගන්නත් පුළුවන්
යටට අඳිනයෙ හිල් තියෙන්නත් පුළුවන්

දිවිය කෙළවර මඳ කිපෙන්නත් පුළුවන්
දිවියලෝකෙන් අලි වැටෙන්නත් පුළුවන්
අලියො ලෙස අලි බෙටි වැටෙන්නත් පුළුවන්
බෙටි ඇතිල්ලුණු නැටි හැලෙන්නත් පුළුවන්

රෝස කැලයට කපුටා එන්නත් පුළුවන්
රෝස මල් පෙති වියරු වෙන්නත් පුළුවන්
රෝස කටුවල සොමිය දෙන්නත් පුළුවන්
රෝස මල් මත වමනෙ යන්නත් පුළුවන්

~ කෞ ද බෝයි