(VIDEO)ලාංකිකයින් දිනකට රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි,IMF කියන කතාව, නව කැබිනට් මණ්ඩලයක් ?උදෑසන පුවත් 09/24

Date:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සඳහා වූ IMF විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවය.

පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපතිවරයා සමග සාකච්ඡා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එක්වන්න අදත් උදෑසන පුවත් 09/24…….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...