මැතිවරණයෙන් පසු සහනාධාර ලබා දෙන්න – මැ.කො

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

පසුගිය දා වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ වැඩිකළ පොහොර සහනාධාරය සහ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබෙන අතර, මැතිවරණයෙන් පසුව එම සහනාධාර ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

වී ගොවීන් සදහා හෙක්ටාරයකට මෙතෙක් ලබාදුන් රුපියල් පහළොස් දහසේ පොහොර සහනාධාරය රුපියල් විසිපන්දහස දක්වා  වැඩි කිරීමට ජනාධිපතිවරයා මහාභාණ්ඩාගාරය වෙත උපදෙස් දී තිබුණු අතර, ධීවරයින් සදහා වන  ඉන්ධන සහනාධාරය ද ඉහළ නැංවීමට  තීරණය කෙරුණි.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩිකළ මෙම සහනාධාර හෙට සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබුණු අතර, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැළැක්වීම සදහා එය තාවකාලිකව නතර කළ බව මැතිවරණ කොමිසම පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...