මැතිවරණයෙන් පසු සහනාධාර ලබා දෙන්න – මැ.කො

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

පසුගිය දා වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ වැඩිකළ පොහොර සහනාධාරය සහ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබෙන අතර, මැතිවරණයෙන් පසුව එම සහනාධාර ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

වී ගොවීන් සදහා හෙක්ටාරයකට මෙතෙක් ලබාදුන් රුපියල් පහළොස් දහසේ පොහොර සහනාධාරය රුපියල් විසිපන්දහස දක්වා  වැඩි කිරීමට ජනාධිපතිවරයා මහාභාණ්ඩාගාරය වෙත උපදෙස් දී තිබුණු අතර, ධීවරයින් සදහා වන  ඉන්ධන සහනාධාරය ද ඉහළ නැංවීමට  තීරණය කෙරුණි.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩිකළ මෙම සහනාධාර හෙට සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබුණු අතර, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැළැක්වීම සදහා එය තාවකාලිකව නතර කළ බව මැතිවරණ කොමිසම පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...