කඩාකප්පල් ක්‍රියා හරහා දේශපාලන බලය ලබා ගන්නා වැඩසටහන් අපි ළඟ නැහැ – සජිත්

Date:

කොළඹ LNW:මහමැතිවරණයේදී වරමක් ඉල්ලන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා රට දුර්වල කිරීමට හෝ අකර්මණ්‍ය කර දේශපාලන ජයග්‍රහණය ලබා ගැනිමට නොව රට ගොඩගන්නා වැඩසටහනට ප්‍රතිපත්ති නිර්මාණය කරන්නට අවශ්‍ය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ වරම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාව හැකිලුනු ආර්ථිකයක් තුළ ප්‍රශ්න රැසකට මුහුණදෙන බවත් ජන ජීවිත දුෂ්කර වී දශලක්ෂ ගණනින් දුප්පත්කම වැඩි වී ඇති බවත් ග්‍රාමීය නාගරික හා වතු දුප්පත්කම වැඩිව ඇති බවත් එයට විසදුම් දිය යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ අරමුණ නිශ්චිත ප්‍රතිපත්තියක් තුළින් දුප්පත්කම තුරන් කර ආර්ථික වර්ධනය විශාල කිරීම බවත් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබෙන වැඩපිළිවෙළක් බවත් සමගි ජන බලවේගයේ ගමන තුළ ධනාත්මක ඉලක්ක ඇති බවත් ඒ තුළින් කාන්තාවන් වැඩිහිටියන් දරුවන් විශ්‍රාමිකයන් ඇතුළු ජන සමාජයේ සියලු දෙනාටම සතුටු දායක ආර්ථික වශයෙන් ශක්තිමත් ජීවිතයක් උදා කරලිම වගකීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පසුබැමකට ලක් වුවත් මේ රටට එන්නට අපේක්ෂාවෙන් සිටින සියලු ආයෝජකයන්ට ආරාධනා කර ඔවුන්ට පුර්ණ සහාය දෙන බවයි ඔහු පවසන්නේ.

සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කර රටේ ආර්ථිකය වර්ධනය කරන අතර අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කරන අයට පුර්ණ සහය ලබා දෙන බවද විපක්ෂ නායකවරයා තවදුරටත් කියාසිටියි.

දේශපාලන පසුබැමකට ලක් වුවා යැයි කියා කුහක ඊර්ෂයාකාරී වෛරී දේශපාලන තමා ළඟ නොමැති බවත් හැමෝම අත්වැල් බැද ගෙන රට ගොඩනගන ගමනට ශක්තියත් වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (29) මැද කොළඹ පාක්ෂික හම්වුඅක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...