අලුත් ලයිසන්වලින් විවෘත කළ බාර් වැහුවේ නෑ. විවෘත නොකළ ලයිසන් තාවකාලිකව අත්හිටෙව්වා – විජිත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය රජය සමයේ මැතිවරණය ඉලක්ක කරගෙනම විශාල වශයෙන් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලින් මෙතෙක් මත්පැන් අලෙවිසැල් විවෘත නොකළ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“පහුගිය ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කරගෙනම විශාල වශයෙන් බාර් පර්මිට් නිකුත් කරලා තිබුණා. බාර් පර්මිට් නිකුත් කරලා, ඒවා පවත්වාගෙන යන ඒවා අපි නතර කරලා නෑ. නමුත් ඒ ලයිසන් අනුව අලුතින් බාර් විවෘත නොකරපු ඒවා තාවකාලිකව අපි නතර කළා. තාවකාලිකව නතර කරන්න හේතුව තමයි ඒ පිළිබඳව අදාළ ප්‍රදේශවල මහජනතාවගෙන් විරෝධතා එල්ල වෙන්න පටන් ගත්තා. ඒ විරෝධතා නිසා ඒවා පිළිබඳව නැවත සමාලෝචනයක් කළ යුතුව තියෙනවා. නීත්‍යානුකූලව ඒ කටයුතුවලට මැදිහත් විය යුතුව තියෙනවා. ඒ අනුව තමයි මෙතෙක් විවෘත නොකර තියන ලද එහෙත් ඒ ලයිසන්වල යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙන ඒවා අපි තාවකාලිකව අත්හිටුවලා තියෙන්නෙ නීත්‍යානුකූලව”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...